News Line| Off Air
Generic placeholder image

Feb
19

ජනපති, අගමැති සහ කතානායක මහ රෑ සාකච්ඡාවක. සුසිල් අැතුළු කණ්ඩායමක් විපක්ෂයට.අද පාරලිමේන්තුවේ වෙන පෙරළිය මෙන්න. – Exclusive

1128 Views


ජනපති, අගමැති සහ කතානායක මහ රෑ සාකච්ඡාවක. සුසිල් අැතුළු කණ්ඩායමක් විපක්ෂයට.අද පාරලිමේන්තුවේ වෙන පෙරළිය මෙන්න. – Exclusive

මේ වෙලාවේ දේශපාලන තැටිය රත් වෙලා තියෙන්නේ. කවුරු රොටිය පුච්ච ගනීවිද කියලා තමයි හැමෝම බලන් ඉන්නේ. ඊයේ රෑත් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කතානායක අතර සාකච්ඡාවක් තිබ්බා. එ් අරලියගහ මන්දිරයේදී.

දැන් රටේ තියෙන දේශපාලන වාතාවරණය නිසා අද පාර්ලිමේන්තුව පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමා කතානායකගෙන් අැහුවා. කතානායක කරු කිව්වේ රටේ තියෙන ත්වය පාර්ලිමේන්තුව පවත්වන්න ප්‍රශ්නයක් නෙවෙයි කියලා. එ් නිසා අද අනිවාර්යෙන් පාර්ලිමේන්තුව පවත්වනවා කියලා. අගමැතිතුමත් එ් කතාවට එකඟ වුණා. එ් නිසා අද පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි පැවැත් වෙනවා.

ඔය අතරේ කබීර් හෂීම් අැමතිතුමාත් අරලියගහ මන්දිරයට අාවා. ඔහු කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති විදියට දිගටම තියා ගන්නවා කියල එජාපය තීරණය කලා කියලා. අගමැතිතුමා එක්ක එකතු වෙලා ජනාධිපතිතුමාට කැබිනට් එක හදන්න කියලත් කබීර් අැමතිතුමා එහිදී කිව්වා. සුසිල් ප්‍රේමජයන්ත අැමතිතුමාත් පණිවිඩයක් එවලා තිබ්බා. එ් අද පාර්ලිමේන්තුවේදී ඔහු අැතුලු කණ්ඩායමක් විපක්ෂයේ වාඩි වෙනවා කියලා.

ලබන බදාදා වෙද්දී කැබිනට් අලුත් කැබිනට් එක හදන්න මේ වෙලාවේදී තීරණය වුණා. සියත 24 වෙත අාරංචි වුණ විදියට නම් නීතිය හා සාමය සහ මුදල් අැමතිකම් ශ්‍රිලනිපයට දෙන්න තමයි සූදානම් වෙන්නේ. අද පාර්ලිමේන්තුව පටන් ගත්තාම මෙච්චර දවසක් අළුයට අැවිලුණ ගිනි පුපුරු අැවිලෙයි කියලයි අපිට ලැබෙන අාරංචි වලින් පේන්නේ.

ලංකාවේ දේශපාපනයේ තිරය පිටුපස සහ වේදිකාවේ සිදුවීම් එසැනින් ගෙන එන්න අපි සූදානම්. දිගටම සියත 24 සමඟ රැදී සිටින්න.


News Articles
Latest Videos
Most Popular Post