News Line| Off Air
Generic placeholder image

Feb
26

උදයංගව අල්ලන්න ඩුබායි ගිය අය හිස් අතින් ගෙදර එයි.

693 Views


උදයංගව අල්ලන්න ඩුබායි ගිය අය හිස් අතින් ගෙදර එයි.

මිග් ගණුදෙනුවට සම්බන්ධ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පහුගිය දවසක ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. ඔහුව ලංකාවට අරගෙන එන්න ලංකාවෙන් කණ්ඩායමක් ගියත් ජාත්‍යන්තර වරෙන්තුවක් නැති නිසා ඩුබායි රජය උදයංගව නිදහස් කරා. එ් නිසා ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ගත්තා.

එ් වරෙන්තුවත් රන් පහුගිය දා අායෙත් කණඩායමක් ඩුබායි බලා කණ්ඩායමක් ගියා. මේ කණ්ඩායමට අතිරේක සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ජී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු අැතුලත් වුණා. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාත් මේ ගමනට යන්න හිටියත් පසුව ඔහු ඉවත් වුණා.

ලංකාවෙන් ගිය කණ්ඩායම ඩුබායිහිදී එරට නීතිපති දෙපාර්තුමේන්තුව සහ පොලිස් නිලධාරීන් හමුවෙලා සාකච්ඡා කරා. හැබැයි උදයංග වීරතුංග ඉන්නා තැනක් දන්නේ නෑ කියලයි ඩුබායි නිලධාරීන් කියලා තිබ්බේ. ඩුබායිහි උදයංග වීරතුංගට අයත් කියන ලිපිනයට ගිහින් බැලුවත් ඔහු ගැන කිසිම තොරතුරක් දැන ගන්න බැරිවුණා.

කලින් වතාවේ උදයංගව ඩුබායි අාගමන විගමන බලධාරීන් ඔහුව රදවා ගත් බවට තොරතුරු ලැබුනම ලංකාවෙන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් ගියා. හැබැයි ගුවන් යානා වෙන්කර ගන්න බැරිවුණ නිසා සහ වීසා ලැබීම ප්‍රමාද වීම නිසා එක කණ්ඩායම ගියේ ප්‍රමාද වෙලා. එ් වෙද්දි ජාත්‍යන්තර පොලීසියේ ඩුබායි නිලධාරීන් උදයංගව ප්‍රශ්න කරලා මුදා හැරලා තිබ්බා.

මොකද එ් වෙද්දී ජාත්‍යන්තර පොලීසිය උදයංගට එරෙහිව නිකුත් කරලා තිබ්බේ නිල් වරෙන්තු. රතු වරෙන්තුව තරම් නිල් වරෙන්තුව ප්‍රභල නෑ. එ් අතර ඩුබායි ගිය 7 දෙනාගේ කණ්ඩායමේ විදේශ කටුයුතු අමාත්‍යංශය නියෝජනය කල නිලධාරියා අනිත් අයටත් නොදන්වාම ලංකාවට අැවිත් තිබ්බා.

විදේශ අමාත්‍යංශය ඔහුගෙන් එම ක්‍රියාව ගැන හේතු අහලා තිබ්බා. ඔහුට තර්ජනාත්මක දුරකතන අැමතුම් රැසක් ලැබුණ බව එහිදී ඔහු කියලා තිබ්බා. තමන්ගේ බිරිඳට අනතුරක් වේවි කියලා බියෙන් අදාළ නිලධාරියා කාටවත් නොකියා ලංකාවට අැවිත් තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post