News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

කාලගුණයේ අසාමාන්‍ය වෙනසක්…

1176 Views


කාලගුණයේ අසාමාන්‍ය වෙනසක්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වෙද්දී අහස වලාකුළු වලින් බර වෙලා තියෙනවා. අද දහවල් 12 ට කාලගුණ දෙපාර්තමේන්තුව නිකත් කළ නිවේදනයේ ඒ ගැන තියෙන්නේ පහත විදිහට.

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

2018 පෙබරවාරි මස 26 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් දිවයින පුරා වැසි බලාපොරොත්තුවේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන්ම, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර , නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 වැඩි) ඇති විය හැක.

දිවයිනේ උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post