News Line| Off Air
Generic placeholder image

Feb
27

අගමැතිට එජාපයෙන් විශ්වාසභංගයක්?

958 Views


අගමැතිට එජාපයෙන් විශ්වාසභංගයක්?

පහුගිය කාලයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කරන්න ලොකු කතිකාවතක් තිබුණා. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ තමයි මේ මාතෘකාව කරළියට අාවේ. හැබැයි අන්තිමට කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයේ ඉන්න දිගටම ඉන්නවා කියලා. එ් වෙනුවට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන්වා කියලයි.

ගිය ඉරිදා එජාපයේ කැබිනට් සංශෝධනය සිද්ධ වුණා. හැබැයි මේ සංශෝධනයට එජාපයේම සමහර මැති අැමතිවරු විරුද්ධ වුණා. කැබිනට් සංශෝධනයෙන් පස්සේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පුත්තලමේදී මාධ්‍ය හමුවක් කැදෙව්වා. එහිදී ඔහු කිව්වේ අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් සහ අගමැතිධූරයෙන් ඉවත් කරන්න එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් ඉන්නවා කියලා.

කැබිනට් සංශෝධනයට කලින් මාධ්‍ය වාර්තා පළවුණේ රංගේ බණ්ඩාර අැමතිතුමාට කැබිනට් අැමතිකමක් ලැබෙයි කියලා. එ් වුනත් ඔහුට ලැබුණේ රාජ්‍ය අමාත්‍යධූරයක්. “නෑ මම හිතන්නේ අපි පුත්තලමේ ඉන්න බූරුවෝ. රටම කියන්නේ “පුත්තලම් බූරුවෝ” කියලනේ. පුත්තලමේ ප්‍රශ්න වලට එවන් අවස්ථාවක් දෙන්න වුවමනාවක් නෑ කියලා තමයි දන්නේ.” කියලයි අැමතිතුමා අාවේගයෙන් කිව්වේ.

“නායකත්ව වෙනස සිදු නොකර වෙනත් කිසිම සංශෝධනයකින් වැඩක් නෑ” කියලත් පාලිත අැමතිතුමා කිව්වා. කැබිනට් සංශෝධනයෙන් පස්සේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගෙන් නායකත්ව වෙනස ගැන අැහුවාම කිව්වේ “එ් වෙනස හොදින් හෝ නරකින් සිද්ධ වේවි” කියලයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වුණ ජවිපේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා කිව්වේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවොත් ඊට සහය දෙනවා කියලයි.


News Articles
Latest Videos
Most Popular Post