ලංකාවේ නිශ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල වැඩි කරන්න පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදීලා තියෙනවා.
පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කිව්වේ පහුගිය බදාදා ඉදන් මේ මිල වැඩිවීම ක්‍රියාත්මකයි කියලා. දේශීයව නිශ්පාදනය කරන කිලෝගෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30 කින් වැඩි වෙලා තියෙනවා.
මීට කලින් රුපියල් 930 ට තිබ්බ සිමෙන්ති කොට්ටයක් දැන් රුපියල් 960 ක් වෙනවා. සිමෙන්ති නිශ්පාදනය කරන අමුද්‍රව්‍ය ලංකාවට ගෙන්වද්දී අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එ් නිසා තමයි සිමෙන්ති නිශ්පාදන දේශීය සමාගම් මේ මිල වැඩිවීම ඉල්ලාා තියෙන්නේ.