මෙරට සමාජ මාධ්‍ය සදහා පනවා ඇති අවහිරතාවය හෙට දින වන විට ඉවත් කිරීමට අපේක්ෂා කරන බව බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා.
සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එම කොමිසම සදහන් කලේ රට තුළ තත්වය යලි සාමකාමී වීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් යලි ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් නැවත සමාජ මාධ්‍ය වාරණය කිරීමට පියවර ගන්නා බව එම කොමිසම ප‍්‍රකාශ කලා.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදි Post පල කරන පුද්ගලයන් සොයා සිදු කරන විශේෂ සමාජ මාධ්‍ය විමර්ෂණය තවදුරටත් ක‍්‍රියාත්මකයි.
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පැවසුවේ අදාල විමර්ෂණයෙන් මේ වන විට ෆේස්බුක් ඔස්සේ ජාතිවාදී පෝස්ටු පල කල පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංකුවට ගෙන ඇති බවයි.
ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා මේ වන විට ආරක්ෂක අංශ ක‍්‍රියා කරමින් සිටින බව එම කොමිසම සදහන් කලා.
මෙරට තුල ලියාපදිංචි සමාජ මාධ්‍ය සදහා විදුලි සන්දේශ නියාමන් කොමිසම මගින් අවහිරතාවයක් පනවනු ලැබුවේ ඊයේ දිනයේදීයි. ඒ අනුව Facebook, Messenger, Viber, Whtasapp, IMO, YouTube, Instragram ඇතුලු මෙරට තුල ලියාපදිංචි කිසිදු සාමාජ මාධ්‍ය ගිණුමකට පිවිසීමට මේ වන තෙක් හැකියාවක් නැහැ.
රටේ ජාතික ආරක්ෂාවට බාධා ඇති වන ආකාරයෙන් ජාතිවාදී Post පල වීම වලක්වා ගැනීම සඳහාත් මීට පෙර එවැනි පෝස්ටු පල කල පුද්ගලයන් සොයා සිදු කරන සමාජ මාධ්‍ය විමර්ෂණය සඳහාත් එම අවහිරතාවය සිදු කලා.