ලංකාව කිට්ටුව තිබ්බ තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වෙද්දී අඩු පීඩන තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. එය තවදුරටත් වර්ධනය වෙනවා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ නිසා දිවයින අවට මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ හේතුවෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්ද නිකුත් කරා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම අඩු පීඩන තත්ත්වය මේ වනවිට දිවයිනට දකුණු දෙසින් ස්ථානගතව ඇති අතර බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බවයි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.
එමෙන්ම මේ තත්ත්වය යටතේ යාපනය සිට මන්නාරම, කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි. ඉදිරි පැය 48 තුළ එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වෙන්න එපා කියලා එම දෙපාර්තුමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. නාවිකයින්ටද මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රෙද්ශවලට ඊයේ (11) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතිනවා. මෙලෙස කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ වලට වර්ෂාව ඇද හැලුනත් පහළ බැස ඇති එම ජලාශවල ජලමට්ටම ඉහළ යාමට තරම් එය ප්‍රමාණවත් නොවන බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියන්නේ.
මේ අතර ඊයේ පස්වරුවේ වීරකැටිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගයේ අටේ කණුව ආසන්නයේ මාර්ගයට ගසක් කඩා වැටී කුඩා ලොරි රථයකට හානි සිදු වුණා..