ඊයේ තිබ්බ නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් එක්ක නිදහස් කුසලාන තරඟාවලියෙන් ඉවත්සි වෙන්න සිද්ධ වුනා.
ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව තරඟය අතරතුර ඇතිවූ සිදුවීමක් නිසා බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා වුනා. මේ විදිහට ඔවුන් එල්ල කරපු ප්‍රහාරය නිසා ක්‍රීඩකයන් ඇඳුම් මාරු කරන ස්ථානයේ (Dressing Room) එකේ දොරක් සම්පුර්ණයෙන් විනාශ වෙලා තියෙනවා.
ඊයේ තිබ්බ තරඟයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුනා. ඒ, හේතුව නිසා සුළු වේලාවකට තරඟය නතර කරන්නත් සිද්ධ වුනා.
කොහොම වුනත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි.