News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

රජයේ රෝහල් වලින් රෝගීන්ට බිල් නිකුත් කිරීම ලගදීම – නිදහස් සෞඛ්‍ය සේවයට වෙන දේ ගැන සෞඛ්‍ය ඇමති හෙළි කරයි.

941 Views


රජයේ රෝහල් වලින් රෝගීන්ට බිල් නිකුත් කිරීම ලගදීම – නිදහස් සෞඛ්‍ය සේවයට වෙන දේ ගැන සෞඛ්‍ය ඇමති හෙළි කරයි.

ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවය තියෙන අතළොස්සක් රටවල් අතර ප්‍රධාන තැනක් ලංකාවට හිමි වෙනවා. ගමේ දුප්පත් මනුස්සයාටත්, නගරයේ ලොකු රස්සාවක් කරන කෙනාටත් නොමිලේම රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න පුළුවන්.

හැබැයි ඉස්සරහට රජයේ රෝහල් වලිනුත් බිලක් දෙන්න යනවා. හැබැයි බිලක් දුන්නට සල්ලි නම් ගන්නේ නෑ. නිදහස් සෞඛ්‍ය සේවයෙන් රජය කොච්චර වියදමක් දරනවාද කියලා පෙන්නන්නන තමයි මේ බිල නිකුත් කරන්නේ.

අනුරාධපුර මහා රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල තියෙන අවස්ථාවේදී තමයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතිවරයා මේ බව කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post