තමන්ගේ ප්‍රශ්න වලට හරි විසඳුමක් නොලැබීම නිසා අන්‍යධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කළා කියලා විශ්ව විද්‍යාල අන්‍යධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
මේ වෙද්දී සිය ගැටලූ සම්බන්ධයෙන් රජයට බල කරමින් උද්ඝෝෂණ පාගමනක්ද ආරම්භ කරලා තියෙනවා. එම පාගමන රාජගිරිය ප‍්‍රදේශයේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා එන්න නියමිතයි. සියත වාර්තාකරු සඳහන් කරේ මේ වෙද්දී පාර්ලිමේන්තු පාරේ විශාල තදබදයක් ඇතිවෙලා තියෙනවා කියලයි. ඒ වගේම කැරළි මර්ධන පොලිසියත් කැඳවලා තයෙනවා.
අන්‍යධ්‍යන සේවක වර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ 21 වන දිනටයි. 2017 වසරේදී හා මේ වසරේදී තමන්ට ලැබීමට නියමිත දීමනා නොගෙවීම හා බලධාරීන් එකගවූ කරුණු ක‍්‍රියාවට නැංවීම ප‍්‍රමාද කිරීමට එරෙහිවයි මේ වැඩවර්ජනය ක‍්‍රියාත්මක වෙන්නේ.
ඊයේ පස්වරුවේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සමග පැවැති සාකච්ඡාවෙන් තමන්ගේ ගැටලූ වලට නිසි විසදුම් නොලැබුණු බවයි විශ්ව විද්‍යාල අන්‍යධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේ.