News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

ප්‍රංශයත්, ශ්‍රී ලංකාවේ අඩි පාරේ යයි. Facebook තහනම් කරයි?

793 Views


ප්‍රංශයත්, ශ්‍රී ලංකාවේ අඩි පාරේ යයි. Facebook තහනම් කරයි?

Facebook වාරණ, Facebook තහනම ගැන මේ දවස්වල ලෝකය පුරාම කතා වෙනවා. ලංකාවෙනුත් පහුගිය දවස්වල Facebook තහනමක් පනවලා තිබ්බා. ඒ ආගම්වාදී, ජාතිවාදී සහ හිංසාකාරී ප්‍රකාශන Facebook හරහා ප්‍රචාරය කරන නිසා තමයි ලංකාවේ Facebook තහනම් කරේ. ඉස්සරහට ඒ වගේ ප්‍රකාශන වාරණය කරන්න පුළුවන් විදියේ නීති ගෙනාවා කියලයි රජය කිව්වේ.

ප්‍රංශයත් දැන් ලංකාවේ අඩි පාරේ යන්න පටන් අරන්. ප්‍රංශ අගමැති එඩුව පිලිපේ කිව්වේ සමාජ මාධ්‍ය නියාමනය කරන්න පියවර ගන්නවා කියලයි. ඒ වෙනුවෙන් දැඩි නීති ගේන්න ඕන කියලයි ඔහු වැඩි දුරටත් කිව්වේ. Facebook, Youtube, Twitter, සහ Google වල පළවන වෛරී ප්‍රකාශන වෙබ් අඩවි වලින් ඉවත් කරන්න ඒ සමාජ මාධ්‍ය ජාල වලට බලකරන නීති ගේන්න ඕන කියලා යුරෝපා සංගමයත් පහුගිය දවසක ප්‍රකාශ කළා.

“පුවත්පතක වෙබ් අඩවියේ වෛරී ප්‍රකාශ පළ වුනොත් එම පුවත්පතේ අධ්‍යක්ෂවරයා සාපරාධි ලෙස ඊට වගකිව යුතුයි. එත් සමාජ මාධ්‍ය වල ඕනෑම දෙයක් ප්‍රචාරය වෙනවා. කවුරුවත් එහි අන්තර්ගතයට වගකියන්නෙත් නෑ.” කියලයි ප්‍රංශ අගමැතිතුමා කිව්වී.

ඒ වගේම අන්තර්ජාලය මහා පරිමාණ අවියක් වෙන එක වලක්වන්න ඕන කියලා “World Wide Web” (WWW) හි නිර්මාතෘ ටීම් බර්න්ස් ලී ප්‍රකාශ කරලා තියෙනවා. පෙන විදියට සමාජ මාධ්‍ය ජාල පාලනය ගැන ලෝකය පුරාම රැල්ලක් ඇතිවීගෙන එනවා. එහෙම වුනොත් සකර්බර්ක්ට හුළං තමයි.


News Articles
Latest Videos
Most Popular Post