News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

වාහන මිල අහසට නගී. WAGON R අරං හමාරයි.

4221 Views


වාහන මිල අහසට නගී. WAGON R අරං හමාරයි.

මේ වෙද්දී ඩොලරයේ අගය හඳේ තියෙන්නේ. තව ටික දවසක් මේ විදියට ගියොත් ඉරටත් එහාට ගිහින් තමයි නවතින්නේ. ඩොලරයේ මිල වැඩිවීමත් එක්ක ලොකුවටම බලපාන දෙයක් තමයි වාහන මිල. ඩොලරයට හරි යන්න ජපන් යෙන් වල සහ ස්ටලින් පවුම් වල මිලත් ඉහළ ගිහින් තියෙන්නේ.

මේ නිසා වාහන මිලත් හිතා ගන්න බැරි විදියට ඉහළ ගිහින් කියලා ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පිරිස් මහතා කියනවා. වාහන මිල පාලනය කර ගන්න බැරි තත්වයක් ඇති වෙලා කියලයි ඔහු කියන්නේ. සුසුකි වැගන් ආර් ඇතුළු රජයේ බදු සහන ලැබුන වාහනවල මිල කලින් තිබ්බාටත් වඩා ඉහළ ගිහින් තියෙනවා.

ස්ට්‍රිංගේ වර්ගයේ සුසුකි වැගන් ආර් රථයක් කලින් තිබ්බේ ලක්ෂ 33 ක මිලකට. හැබැයි දැන් ලක්ෂ 35 ක් විතර වෙනවා. අනිත් වාහන වලත් මිලත් ඊට සාපේක්ෂව ඉහළ ගිහින් තියෙනවා. විනිමය අනුපාතය ඉහළ ගිය නිසා ඉස්සරහට තවත් වාහන මිල ඉහළ යන්න පුළුවන් කියලයි සභාපතිවරයා කිව්වේ.

හැබැයි රජය බදු අඩු කරපු එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන ආනයනය වැඩි වෙලා තියෙනවා. කොහොම වුනත් තවත් වාහන මිල අහස උසට යන්න කලින් ඉක්මනටම වහනයක් ගත්තොත් තමා හොඳ.


News Articles
Latest Videos
Most Popular Post