News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

සෞදි කාන්තාවන් බුර්කාවෙන් නිදහස්.

892 Views


සෞදි කාන්තාවන් බුර්කාවෙන් නිදහස්.

බුර්කාව කියන්නේ මුස්ලිම් කාන්තාවන් අඳිනා ඇඳුමක්. තනි කළු පාට මේ ඇඳුමෙන් ඇස් දෙක හැරෙන්න මුළු ශරීරයම වැහෙනවා. බහුතරයක් මුස්ලිම් රටවල මේ ඇඳුම කාන්තාවන් ඇඳීම අනිවාර්ය කරලා තියෙනවා.

හැබැයි සෞදියේ ඔටුන්න හිමිකුමරු ආන්දෝලනාත්මක තීරණයක් අරගෙන තියෙනවා. ඒ ප්‍රසිද්ධ ස්ථාන වල අබායා ඇඳුම හෝ හිස ආවරණය ඇඳීම අනිවාර්ය නොවන අවට ප්‍රකාශ කරා. ඉස්ලාම් ආගම සංකේතවත් වෙන ආභරණ සහ ගෞරවය ඇතිවෙන ආකාරයේ ඇඳුමක් ඇන්දාට කමක් නෑ කියලයි ඔටුන්න හිමි කුමරු කිව්වේ.

පහුගිය දවසක් සෞදි කාන්තාවන්ට හමුදාවට එක්වීමේ අවස්ථාවත් සෞදි ඔටුන්න හිමි කුමරු ලබා දුන්නා. ඒ වගේම ඉදිරියේදී පිරිමි සමඟ එකට වැඩිවෙලා තරඟ නරඹන්න සහ මෝටර් රථ පදවන්නත් සෞදි කාන්තාවන්ට අවසර දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post