News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

විශ්වාස භංගයේදී එජාප මන්ත්‍රීවරු ගන්න තීරණේ මෙන්න.

623 Views


විශ්වාස භංගයේදී එජාප මන්ත්‍රීවරු ගන්න තීරණේ මෙන්න.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට බාර දීලා තියෙන්නේ. අප්‍රේල් 4 වෙනිදා මේ විශ්වාසභංගය විවාදයට ගන්න නියමිතයි. මේ අතරේ එජාප මන්ත්‍රීවරු තවත් යෝජනාවක් අත්සන් කරගෙන යනවා.

ඒ අගමැතිවරයාට සහය පළකිරීමේ යෝජනාවක්. මේ යෝජනාවට අත්සන් ගැනීම ඊයේ ආරම්භ කරා. අද වෙද්දී අත්සන් 80 ක් ලබා ගන්න පුළුවන් වුණා කියලයි එජාපයෙන් වාර්තා වුණේ. විදෙස්ගතවෙලා ඉන්න සහ ඊයේ පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරු අද සහ හෙට අත්සන් කරන්න නියමිතයි. කොහොම හරි අත්සන් 113ක් ලබා ගන්න එක තමයි එජාපයේ ඉලක්කය වෙලා තියෙන්නේ.

එකසත් ජාතික පෙරමුණේ ශක්තිය පෙන්නන්න මේක හොඳ අවස්තාවක් කියලයි අගමැතිවරයා එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට කිව්වේ. ආණ්ඩුවට සම්බන්ධ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිවරයාට සහය දක්වනවා කියලා රවුෆ් හකීම් අමාත්‍යවරයා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post