අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් අද උදෑසන අරලියගහ මන්දිරයේදී තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වුණා.
එම අවස්ථාවට මෛතී‍්‍ර වික‍්‍රමසිංහ මහත්මිය සහ මැති ඇමතිවරුන්, රජයේ නිලධාරීන් සහ අග‍්‍රාමාත්‍යවරයාගේ හිතවතුන් රැසක් එක්ව තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් අද ආගමික වැඩසටහන් රැසක් දිවයින පුරා කි‍්‍රයාත්මක වන අතර ප‍්‍රධාන ආගමික උත්සවය සේදවත්ත රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනු ඇති.
1949 මාර්තු 24 වනදා කොළඹදී උපත ලද රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලබාගත්තා.
1977 බියගම මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු නියෝජ්‍ය අමාත්‍ය, අමාත්‍ය ධූර දැරූ අතර 1994 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත්, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සහ සිව්වරක් අග‍්‍රාමාත්‍ය ධූරයට ද පත් වුණා.