News Line| Off Air
Generic placeholder image

Mar
25

පෙට්‍රල් සහ ඩීසල් වැඩි වුනාට පස්සේ බස් සහ ත්‍රීවිල් ගාස්තු වලට වෙන දේ මෙන්න.

1023 Views


පෙට්‍රල් සහ ඩීසල් වැඩි වුනාට පස්සේ බස් සහ ත්‍රීවිල් ගාස්තු වලට වෙන දේ මෙන්න.

IOC සමාගම 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කරා. ඒ පෙට්‍රල් රුපියල් 9 කින් සහ ඩීසල් රුපියල් 5 කින්. මේ නිසා IOC පිරවුම්හල් වලින් ලබා ගන්නා ඩීසල් ලීටරයක මිල රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 126 ක් වෙනවා. තෙල් මිල ඉහළ යනවත් එක්කම ජනතාව ඉවෙන් වගේ දන්නවා ඊළඟට ඉහළ යන්නේ බස් සහ ත්‍රීවිල් ගාස්තු කියලා.

ඒ නිසා බස් ගාස්තු ඉහළ යනවද කියලා අපි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් ඇහුවා. ඔහු කිව්වේ රුපියල් 5 ක් මිල කෙලින්ම බස් කර්මාන්තයට නොදැනෙන නිසා බස් ගාස්තු වැඩි කරන්නේ නෑ කියලා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයිති ඉන්ධන පිරවුම්හල් ඕනෑ තරම් තියෙන නිසා තෙල් වැඩිවීම පෞද්ගලික බස්රථ වලට බලපාන්නේ නෑ කියලයි ගැමුණු මහතා කිව්වේ.

හැබැයි එළඹෙන ජුලි මාසයේ එන බස් ගාස්තු සංශෝධනයට යාම විදියකට බලපාවි කියලා ඔහු වැඩි දුරටත් කිව්වා. IOC සමාගමේ මේ මිල වැඩි කිරීම පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ සහ ත්‍රීවිල් රථ සඳහාත් බලපාන්නේ නෑ කියලා එම සංගම්වල නියෝජිතයින් සියත 24 වෙත දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post