News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

කැබිනට්ටුව දෙකට තුනට බෙදෙයි.

804 Views


කැබිනට්ටුව දෙකට තුනට බෙදෙයි.

“ග්ලයිෆෝසේට්” තහනම නිසා දැන් ආණ්ඩුවත් බෙදිලා තියෙන්නේ. වැවිලි කර්මාන්ත ඇමති ඇතුළු පිරිසක් ග්ලයිෆෝසේට් ඕන කියනවා. හැබැයි තවත් කොටසක් කියන්නේ ග්ලයිෆෝසේට් එපා කියලා.

ග්ලයිෆෝසේට් වකුගඩු රෝග (CKDU) සෑදීමට සෘජු සම්බන්ධක් නොවන බව විශේෂඥ කමිටුවක් පෙන්වා දුන්නා. ඒ නිසා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න ඕන කියලයි ඇමතිවරු කොටසක් කියන්නේ. විශේෂඥයන් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා කියලා සෞඛ්‍ය අමත්‍යවරයා කිව්වේ.

කොහොම වුනත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා පූජ්‍ය අතරලියේ රතන හිමියෝ ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුය යන මතයේම ඉන්නවා. ජනාධිපතිවරයා හමුවෙලා සාකච්ඡා කරාට පස්සේ ග්ලයිෆොසේට් තහනම අවුරුද්දක් දීර්ඝ කරන්න ජනාධිපතිතුමා එකඟ වුනා කියලා රතන හිමියන් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post