ඊයේ මධ්‍යම රාත්‍රියේම 2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. විභාගයට මුහුණ දුන්න ගොඩක් අය මේ වෙද්දී ප්‍රතිඵල බලලා තියෙනේ. විභාගයට මුහුණ දුන්න නොදුන්නා හැමෝම දැන් හොයන දෙයක් තියෙනවා. ඒ තමයි කවුද ලංකාවෙන් පළවෙනියා වෙලා තියෙන්නේ කියලා.
මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළවෙනියෝ 6 ක් බිහිවෙලා තියෙනවා. ඉන් දෙන්නෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ. තවත් ප්‍රථමස්ථාන 2 ක් මහනුවරට ලැබිලා තියෙනවා. ඒ වගේම මාතරට සහ රත්නපුරට ප්‍රථම ස්ථානය බැගින් ලැබිලා තියෙනවා.
මේ ඉන්නේ ලංකාවෙන්ම පළවෙනියෝ වුන 6 දෙනා.
1. රත්නාවලී බාලිකා විද්‍යාලය – කසුනි සෙනෙවිරත්න
2. රත්නාවලී බාලිකා විද්‍යාලය – චමෝදි රවීසා සුභසිංහ
3. මහනුවර උසස් බාලිකා විද්‍යාලය – නවෝද්‍යා රණසිංහ
4. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය – දිව්‍යාජනා විමලවීර
5. මාතර සුජාතා විද්‍යාලය – රන්දි ලක්ප්‍රියා
6. රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය – කවීශ ප්‍රතිභාත්
මේ සැරේ විභාග ප්‍රතිඵල වලට අනුව 73.5% ක ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ගෙන තියෙනවා. සිසුන් 9960 දෙනෙකු A සාමාර්ථ ලබා ගෙන තියෙනවා. 67.24% ක ප්‍රතිශතයක් ගණිතය සමත්ව තියෙනවා. එය 2016 වසරට සාපේක්ෂව සියයට 4.43ක වැඩිවීමක් කියලයි විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරේ.