සමාජයට වැඩදායි පුද්ගලයෙක් බිහිවෙන්න ආගම ගොඩක් වැදගත්. දහම් අධ්‍යාපනය කියන්නේ දරුවෙක්ට හොඳ ගුණදම් කියලා දෙන්න හොඳම තැනක්. හැබැයි මේ වෙද්දී ගොඩක් දරුවන් දහම් අධ්‍යාපනයක් ලබා ගන්නේ නෑ.
ඒ නිසා ඉරිදා දවසේ සියලු ආගම් වල දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන්න රජය තීරණය කරලා තියෙනවා.බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව සඳහන් කරේ බෞද්ධ උපදේශන සභාව රැස් වු අවස්තාවක.