News Line| Off Air
Generic placeholder image

Apr
3

“මට ආයේ ඇමතිකමක් දුන්නොත් විශ්වාසභංගයට එරෙහි වෙනවා. නැත්නම් සහය දෙනවා” – රවී, රනිල්ට කියයි.

954 Views


“මට ආයේ ඇමතිකමක් දුන්නොත් විශ්වාසභංගයට එරෙහි වෙනවා. නැත්නම් සහය දෙනවා” – රවී, රනිල්ට කියයි.

අගමැතිතුමාට එරෙහි විශ්වාසභංගය හෙට විවාදයට ගන්න නියමිතයි. ඒ නිසා මේ මොහොතේත් දෙපිලේම අය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න උත්සහා ගන්නවා. ඒ අතරේ තවත් සමහරු ලැබුන අවස්ථාවෙන් තමන්ගේ මඩිය තරකර ගන්න හදනවා.

රවී කරුණානායක මහතාත් විශ්වාසභංගයට විරුද්ධ වෙන්න කොන්දේසි කිහිපයක් අගමැතිතුමාට දන්වලා තියෙනවා. තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනවා නම් විතරක් විශ්වාසභංගයට විරුද්ධ වෙනවා කියලා අගමැතිතුමාට දන්වලා තියෙනවා.

එහෙම නොකරනවා නම් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දක්වනවා කියලයි රවී කරුණානායක අගමැතිතුමාට දැනුම්දීලා තියෙන්නේ. කොහොම වුනත් මේ ගැන අද සාකච්ඡා කරලා තීරණයක් දෙන්න අගමැතිතුමා එකඟ වෙලා තියෙනවා.

විශ්වාසභංගය සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වන්න සූදානමින් හිටියා. හැබැයි එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම නිසා ඒ මාධ්‍ය හමුව අදට කල්දමා තිබුණා.

(අද පුවත්පත ඇසුරිණි)


News Articles
Latest Videos
Most Popular Post