News Line| Off Air
Generic placeholder image

Apr
5

විශ්වාසභංගයට නෑවිත් කට්ටි පැනපු මැති ඇමතිවරු මෙන්න.

768 Views


විශ්වාසභංගයට නෑවිත් කට්ටි පැනපු මැති ඇමතිවරු මෙන්න.

ඊයේ තිබ්බ විශ්වාසභංග ඡන්දයෙන් වැඩි ඡන්ද 46 ක ජයක් ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. එතුමාට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණා. විශ්වාසභංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් විතරයි. කොහොම වුනත් මන්ත්‍රීවරු 26 ක් ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් හිටියේ නෑ.

මේ විදියට විශ්වාසභංගයට නොපැමිණි මන්ත්‍රීවරු අතර විශ්වාසභංගයට අත්සන් කරපු ශ්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කාදර් මස්තාන් මන්ත්‍රීවරයායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රභලයින් කිහිප දෙනෙක්ම ඊයේ පාර්ලිමේන්තුවට ආවේ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහ එකසත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතාත් ඊයේ විශ්වාසභංගයට සහභාගී වුණේ නෑ. නිමල් සිරිපාල ද සිල්වා, ඒ එච් එම් ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, ෆයිසර් මුස්තාෆා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, විජිත් විජයමුණි සොයිසා සහ පියසේන ගමගේ යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුත් ඊයේ විශ්වසභංගයෙන් කට්ටි පැන්නා.

මනුෂ නානායක්කාර, මොහාන් ලාල් ග්‍රේරු, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න, ඉන්දික බණ්ඩාරනායක සහ සාරතී දුෂ්මන්ත යන මැති ඇමැතිවරුත් ඊයේ පැමිණ සිටියේ නෑ. ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී ශ්‍රීලනිපයට එක්වුණා ශ්‍රියානි විජේවික්‍රම සහ වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරු දෙන්නත් විශ්වාසභංගයට සහභාගී වුණේ නෑ.

ආරුමුගන් තොණ්ඩමන්, එම් එල් ඒ එම් හිස්බුල්ලා, මුත්තු සිවලිංගම්, සහ අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුත් ඊයේ පාර්ලිමේන්තුව මඟ හැරලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post