අගමැතිවරයාට එරෙහිව තිබ්බ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 ක් එතුමාට විරුද්ධව ඡන්දය දුන්නා. මේ නිසා එජාපයේ කට්ටිය හිටියේ තරහින්.
අගමැතිවරයාගේ විශ්වාසභංගයේ උණුසුම යන්නත් කලින් තවත් විශ්වාසභංග යෝජනා 16 ක් අද එජාපයෙන් කතානායකවරයාට බාර දුන්නා. ඒ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන්න ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට එරෙහිව.
එක් එක් මන්ත්‍රීවරයාට එරෙහිව වෙන වෙනම විශ්වාසභංග අත්සන් කරලා තියෙනවා.