උත්සව සමයත් එක්ක භාණ්ඩ වල මිල ඉහළ යන්නේ බලාගෙන ඉන්නකොට. විශේෂයෙන්ම මස්, මාළු මිල අහස උසට නගිනවා. ඒ නිසා උත්සව සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.
ඒ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 04ක මිල ගණන් පහත දැමීමට ලංකා ධීවර සංස්ථාව පියවර අරන් තියෙනවා. ලින්නා, තලපත්, බලයා හා ඉස්සන් යන මත්ස්‍ය විශේෂවල මිල ගණන් තමයි මේ විදියට පහල දාලා තියෙනවා. සහන මිල ගණන් යටතේ අවශ්‍ය තරම් මාළු ලංකා ධීවර සංස්ථා අලෙවිසල්වලින් මිල දී ගත හැකි බව එහි සභාපති ජගත් පෙරේරා මහතා පවසනවා.
ලින්නා මාළු කිලෝ ග්‍රෑම් 01ක් රු. 250, බලයා කූරියා වශයෙන් මාළු කිලෝ ග්‍රෑම් 01ක් රු. 350ක් හා කපන ලද බල මාළු කිලෝ ග්‍රෑම් 01ක් රු. 550, තලපත් කිලෝ ග්‍රෑම් 01ක් රු. 720, හා ඉස්සන් කිලෝ ග්‍රෑම් 01ක් රු. 890කටත් ලංකා ධීවර සංස්ථා අලෙවිසල්වලින් මිල දී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උත්සව සමයේ ඉස්සන් කිලෝවක් රු. 1300-1800 දක්වාත්, තලපත් කිලෝව රු. 1200-1450 දක්වාත් ඉහළ යනවා.