News Line| Off Air
Generic placeholder image

Apr
9

යකඩ අඩිරූලෙන් වාහන කොල්ල කන යුවලක් දැලේ.

633 Views


යකඩ අඩිරූලෙන් වාහන කොල්ල කන යුවලක් දැලේ.

මේ දවස් වල අවුරුද්දට බඩු ගන්න යන අය වාහන තැන තැන නතර කරලා යනවා. එහෙම නතර කරලා ගිය වාහන කඩලා ඇතුලේ තිබුන බඩු හොරකම් කරපු අඹු සැමි යුවලක් දඹුල්ල පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා.

දඹුල්ල, මාතලේ, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශවල මේ ජාවාරම සිදු කරලා තියෙනවා. යකඩ අඩි කෝදුවක් භාවිතයෙන් තමයි වාහන වල දොරවල් ඇරලා තියෙන්නේ. වාහන තුල තිබුන ජංගම දුරකථන, ක්‍රෙඩිට් කාඩ් සහ මුදල් පසුම්බි මේ විදියට සොරකම් කරලා තියෙනවා. සැකකාර යුවළට වයස අවුරුදු 4 ක සහ අවුරුද්දක ළමයින් දෙදෙනෙකුත් ඉන්නවා.

පහුගිය මාර්තු මාසයේ 31 වැනිදා දඹුල්ල විහාරයට පැමිණි අයකෙගුගේ වාහනය කඩා මුදල් පසුම්බිය සොරකම් කරලා තියෙනවා. ඒ සම්බන්ධව ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රදේශයේ සවිකරලා තිබ්බ ආරක්‍ෂිත කැමරා වලින් සැකකරුවන් හඳුනාගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post