News Line| Off Air
Generic placeholder image

Apr
13

අලුත් අවුරුද්දට ජාතික ගමනාගමන කොමිසමෙන් බස් රථ ගමන්වාර 3,500 ක්.

645 Views


අලුත් අවුරුද්දට ජාතික ගමනාගමන කොමිසමෙන් බස් රථ ගමන්වාර 3,500 ක්.

කොළඹ තියෙන ගොඩක් කාර්යාල වල අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලැබුනේ ඊයේ (12) වෙනිදා ඉඳන්. ඒ වුනත් සමහර කාර්යාල වල නම් අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන්නේ අද දවසේ. ඉතින් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන අය වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ ඉඳන් මගීන්ගේ පහසුව සඳහා අමතර බස් රථ 2000ක් යොදවන්න ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර අරගෙන තියෙනවා.

ලබන 5 වැනි දා වෙනකන් පැය 24 පුරාම මේ බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා. අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාවත් ඉහළ නංවල තියෙනවා.

මේ අතර ජාතික ගමනාගමන කොමිසම කිව්වේ කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පලේ සිට අතිරේක බස් රථ සේවාවවක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක ගමන් වාර දෙදහස් එකසීය, තුන්දහස් පන්සිය දක්වා ඉහළ නංවල තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post