News Line| Off Air
Generic placeholder image

Apr
13

මැයි 20 ඉඳන් ත්‍රීවීල්වලට මීටර් අනිවාර්යයි.

1459 Views


මැයි 20 ඉඳන් ත්‍රීවීල්වලට මීටර් අනිවාර්යයි.

අපි කවුරුත් හදිසියකට ගමනක් බිමනක් යන්න යොදාගන්න ලේසිම වාහනේ තමයි ත්‍රිවිල් එක කියන්නේ. ඒ වුනත් අපි යන දුරට එක එක ත්‍රිවිල් වලින් අය කරන්නේ එක එක ගණන්. මේ නිසාම මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ වලට මීටර් අනිවාර්ය කිරීම මැයි 20 වැනි දා සිට ක්‍රියාත්මක කරන්න යනවා. මේ ගැන කිව්වේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 අවුරුද්දේදී අනිවාර්ය කලා. මීටර් නැති ත්‍රිරෝද රථ හිමියන්ට ඒවා හයි කරගන්න මාස 06ක සහන කාලයක් ලබාදුන්නා. මේ සහන කාලය අප්‍රේල් 01 වැනි දා අවසන් වුණා. එත් තාමත් මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ වලට තවත් මාසයක පමණ සහන කාලයක් ලබා දීලා මැයි 20 වැනි දා ඉඳන් මීටර් අනිවාර්ය කරන්න යනවා.

ඒ වගේම මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීවීල් රථ සඳහා මීටර් අනිවාර්ය කරාට පස්සේ ත්‍රිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට්පතක් නිකුත් කළ යුතු වනවා. මේ වෙද්දී රට පුරාම ත්‍රිරෝද රථ 11,50,000ක් පමණ ධාවනය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post