News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
16

අගමැතිතුමා නුවරඑළියේදී නැකතට හිස තෙල් ගාපු හැටි. – Photo

1540 Views


අගමැතිතුමා නුවරඑළියේදී නැකතට හිස තෙල් ගාපු හැටි. – Photo

අලුත් අවුරුද්දේ තවත් නැකතක් අදට දීලා තිබුණා. ඒ හිස තෙල් ගෑමේ චාරිත්‍රය. රට වටේම විහාරස්ථානවල සහ විවිධ ස්ථාන වල හිස තෙල් ගෑමේ උත්සව සංවිධානය කරලා තිබුණා.

මේ අතර සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (16) දින නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත් වුණා.

එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කළුගහකඳුරේ විජිත ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සංවිධානය වූ මෙම හිස තෙල් ගෑමේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී සිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post