News Line| Off Air
Generic placeholder image

Apr
16

විවාහ වෙන්න ඉන්න හැරී කුමරුට මහා රැජිනගෙන් අලුත් තනතුරක්.

647 Views


විවාහ වෙන්න ඉන්න හැරී කුමරුට මහා රැජිනගෙන් අලුත් තනතුරක්.

හෙට අනිද්දා විවාහ වෙන්න ඉන්න රජ පවුලේ සාමාජිකයා තමයි හැරී කුමාරයා. විවාහ වෙනවා කියන්නේ තවත් වගකීම රැසක් වැඩි වෙනවා කියන එකනේ. ඒ වගකීම් වලට අමතරව තවත් රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් හැරී කුමාරයාට පවරන්න මහ රැජින තීරණය කරලා තියෙනවා.

ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ කටයුතු තානාපතිකම. එලිසබත් මහ රැජින ඊයේ මේ බව නිවේදනය කරා. රාජකීය සාමාජිකයෙක් විදියට හැරී කුමාරයට පැවරුණ පළවෙනි ප්‍රධාන මහජන කාර්යභාරය මේක. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල වයස අවුරුදු 30 අඩු ජනගහනය බිලියන 2.4 ක්. ප්‍රතිශතයක් විදියට 60% ක්.

තරුණ තරුණියන් හා තරුණ නායකයින් අතර සම්බන්ධතා ඇති කිරීම සහ සමාජ, ආර්ථික හා පාරිසරික ගැටළු විසඳීම සඳහා ඔවුන් දිරිගැන්වීම තමයි හැරී කුමාරයාට පැවරෙන වගකීම්. කුමාරයා අද පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවට සහභාගී වෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post