News Line| Off Air
Generic placeholder image

Apr
16

අද හවසට තද වැසි සහ සුළං. කාලගුණයෙන් අනතුරු අඟවයි.

798 Views


අද හවසට තද වැසි සහ සුළං. කාලගුණයෙන් අනතුරු අඟවයි.

දිවයිනේ බොහෝ පළාත්වලට අද හවසට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙනවා.

දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post