සමහර උපකාරක පන්ති කරන ගුරුවරු පාසලේ උගන්වන ළමයින්ට තමන්ගේ උපකාරක පන්තියට එන්න කියලා බලපෑම් කරනවා. එහෙම නැත්නම් ළමයින්ගේ දෙමව්පියන්ට බලපෑම් කරනවා.
මේ විදියට බලපෑම් කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න කියලා අධ්‍යාපන ඇමතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්ෂණික දුරකථන අංකය හරහා ද මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට කටයුතු කරන්න කියලා අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
මීට අමතරව පාසල් කාලය තුළ පාසල් දරුවන් සහභාගී කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.