News Line| Off Air
Generic placeholder image

Apr
19

අවුරුදු කුමරියගේ Wedding එකට ලක්ෂ 2 ක තෑග්ගක් දෙන අවුරුදු උත්සවය පානදුරේදී.

4206 Views


අවුරුදු කුමරියගේ Wedding එකට ලක්ෂ 2 ක තෑග්ගක් දෙන අවුරුදු උත්සවය පානදුරේදී.

අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කිහිපයක් පහු වුනත් මේ මාසේ පුරාවටම අවුරුදු උත්සව වල නම් අඩුවක් නැහැ. ඉතින් මේ අවුරුදු ක්‍රීඩා අතර තියෙන තරඟ වලින් හැමෝම කතාවෙන තරඟයක් තමයි අවුරුදු කුමරිය තේරීමේ තරඟය. මේ තරඟයේදී අවුරුදු කුමරියට දෙන ලොකුම තෑග්ග ලබාදෙන අවුරුදු උත්සවක් ගැන තොරතුරක් පානදුරෙන් වාර්තා වෙනවා.

මේ අවුරුදු උත්සවය සංවිධානය කරන්නේ, පානදුර වෑකඩ Golden Son තරුණ සංවිධානයෙන්. අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ අප්‍රේල් 22 වෙනිදා, පානදුර වෑකඩ ජන උදාන ගම්මානයේදී. ඉතින් මේ අවුරුදු උත්සවේ අවුරුදු කුමරියට ලක්ෂ 2 ක තෑග්ගක් දෙන්න සංවිධායක මණ්ඩලය ලෑස්තිවෙලා ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු කුමරිය වෙන කෙනාට ඇයගේ විවාහ දිනයට අවශ්‍ය කරන Wedding Package එකක් ලැබෙනවා.

පළමු ස්ථානයට – මංගල දිනයේ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 2 ක් වටිනා හැඩගැන්වීමේ පැකේජයක්.

දෙවන ස්ථානයට – මංගල දිනයේ කටයුතු සඳහා රුපියල් 130,000 ක් වටිනා හැඩගැන්වීමේ පැකේජයක් සහ ඡායරුපකරණය සඳහා 40% ක වට්ටමක්.

තුන්වන ස්ථානයට – දෙවන මංගල දිනයේ කටයුතු සඳහා රුපියල් 60,000 ක් වටිනා හැඩගැන්වීමේ පැකේජයක් සහ ඡායරුපකරණය සඳහා 30% ක වට්ටමක්.

වයස අවුරුදු 17 ත් 25 ත් අතර තරුණියක් නම් මේ අවුරුදු කුමරිය තේරීමේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්. ඔබ කරන්න ඕන ඔබගේ සම්පුර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පතේ පිටපතක් එක්ක ළඟදී ගත්ත ඡායාරූපයක් පහත ලිපිනයට E – Mail කිරීම විතරයි. වැඩි විස්තර පහත දුරකථන අංක වලට අමතලා දැනගන්න පුළුවන්.

077 941 90 55 – අසිත / 077 240 93 34 – ශෙහාන් / 075 521 36 46 – සුපුන්

E – Mail: goldensonpanadura@gmail.com


News Articles
Latest Videos
Most Popular Post