News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

සිරිකොත තුනට බෙදෙයි.

1113 Views


සිරිකොත තුනට බෙදෙයි.

පහුගිය පළාත් පාලන ඡන්දය පරාජය වීමත් එක්ක එජාපය ප්‍රතිසංවිධානය කරන්න පටන් ගත්තා. මේ දවස්වල එකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා. එජාප ප්‍රතිසංවිධාන වලට සමගාමිව සිරිකොත 3 ට බෙදන්න තීරණය කරලා තියෙනවා.

පක්ෂයේ කටයුතු කාර්යක්ෂම කරන්න තමයි මේ තීරණය අරන් තියෙන්නේ. පක්ෂයේ වගකීම් ප්‍රධාන ක්ෂේත්‍ර 3 කට බෙදලා ඒවාට වෙන වෙනම ප්‍රධානින් පත් කරන්න නියමිතයි. ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, ජනසන්නිවේදනය සහ ප්‍රචාරක අංශය, සාමාජිකයන් බඳවාගැනීම සහ ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම තමයි ඒ ක්ෂේත්‍ර තුන.

සාමාජිකයන් බඳවාගැනීම සහ ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම ජාතික සංවිධායකවරයාට පැවරෙනවා. පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම බාර වෙලා තියෙන්නේ මහ ලේකම්වරයාට. ජනසන්නිවේදනය සහ ප්‍රචාරක අංශය සඳහා වෙනම ප්‍රධානියෙක් පත් කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post