News Line| Off Air
Generic placeholder image

Apr
25

ඉන්දියාවට සහ අප්‍රිකාවට යන අයට මැලේරියා වැලදීමේ අවධානමක්.

614 Views


ඉන්දියාවට සහ අප්‍රිකාවට යන අයට මැලේරියා වැලදීමේ අවධානමක්.

ශ්‍රී ලංකාව කියන්නේ මැලේරියාව තුරන් කරපු රටක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියාව තුරන් කිරීම සඳහා වන සහතිකයත් 2016 දී ලංකාවට ලැබුණා. හැබැයි අනිත් රටවල් නිසා ආයෙත් සැරයක් ලංකාවට මැලේරියාව බෝවීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා.

අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන සංචාරකයින් හරහා තමයි මැලේරියාවට ලංකාවට එන අවධානම ඇති වෙලා තියෙන්නේ. මැලේරියාව අවේණික රටකට යනවා නම් සතියකට කලින් අවශ්‍ය උපදෙස් ගන්න කියලා සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ වගේම මැලේරියාව වැළක්වීමේ ඖෂධ මැලේරියාව වැළක්වීමේ ඒකකයෙන් නොමිලේ ලබා ගන්නත් පුළුවන්. සංචාරයෙන් පස්සේ ලංකාවට ආවම උණ රෝගය වැළඳුනොත් මැලේරියාව සඳහා වන රුධිර පරික්ෂාව අනිවාර්යෙන් කර ගන්න කියලා සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post