News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

භික්ෂු බල මණ්ඩලයේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස්

609 Views


භික්ෂු බල මණ්ඩලයේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කල පාගමනකට මීට සුලූ මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ විරෝධතා කරුවන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට ඇතුලූ වීමට උත්සහ කල අවස්ථාවේදී.

අප වාර්තාකරු පැවසුවේ එහිදී භික්ෂූන් වහන්සේ නමක් ඇතුලූ දොලොස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

විරෝධතාකරුවන් තුන් දෙනෙකු පොලිස් පහර දීම්වලින් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. අදාල පාගමන සංවිධානය කර තිබුනේ 2016 සහ 2017 යන අධ්‍යයන වර්ෂ සදහා බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බදවා ගැනීම නතර කිරීමට රජය විසින් කටයුතු කර ඇති බව පවසමින්.

SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post