බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ සිදු කල වැටලිමකින් මත්කුඩු ජාවාරමේ නිරත වන පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෑගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින්.
පොලීසිය පැවසුවේ, එම ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත වන ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ ගෝලයන් එලෙස අත්අඩංගුවට ගත් බවයි.
මසකට වැඩි කාලයක් ඔත්තු බලා පැය 5 කට් වැනි කෙට් කාලයක් තුලදී එම අත්අඩංගුවට ගැනීම් සිදු කල බව පොලීසිය සදහන් කලා. එහිදී අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරුවන් කහටපිටිය, උදුගොඩ ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයන් වනවා.
පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා සන්තකයේ තිබි හෙරොයින් මිලි ග‍්‍රෑම් 4 810 ක් හමුවූ බවයි. මා බෝපිටිය, හිග්ගොඩ, උදුගොඩ පදිංචි ජේ.එම්. තරිදු 28 හැවිරිදි සැකකරු සන්තකයේ තිබි හෙරොයින් මිලිග‍්‍රෑම් 2100 ක්ද, දෙමළ ජාතික බංඩාරම් සංකර් 32 හැවිරිදි සැකකරු සන්තකයේ තිබි ගංජා මිලි ග‍්‍රෑම් 1600 ක් ද පොලීසිය සොයා ගත් අතර ඔහු යටිදැරියවත්ත, උදුගොඩ ප‍්‍රදේශයේ අයෙකි.
මෙම වැටලිමෙදි තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර කුමාර් සාමි ජීවන් 19 හැවිරිදි යටිදැරියවත්ත, උදුගොඩ පදිංචි මෙම සැකකරු සන්තකයේ ගංජා මිලිග‍්‍රෑම් 1500 ක් ද පොලිසිය සොයා ගත් අතර ඩබ්ලිව්.පි. හෂාන් උදය කුමාර 24 හැවිරිදි සැකකරු හිග්ගොඩ උදුගොඩ ප‍්‍රදේශයේ පදිංචි වන අතර ඔහුගේ සන්තකයේ හෙරොයින් මිලිග‍්‍රෑම් 2240 ත් තිබු බවද පොලීසිය පවසයි.
SIYATHA FM TOP STORY | 05:00 PM | Editor : Amila Udaraka