එක්සත් ජාතික පක්ෂයේ ජනමාධ්‍ය හා ප‍්‍රචාරක අංශයේ සහකාර ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී
එහිදී පක්ෂයේ වෘත්තීය සමිති භාර අංශයේ සහකාර ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා යි.
මේ අතර නව පත් කිරීම් සම්බන්ධයෙන් පක්ෂයේ කිසිදු මන්ත‍්‍රීවරයෙකුට පිටතදී විවේචන එල්ල කිරීම තහනම් කර ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප්ජ මයිකල් පෙරේරා හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක එහිදී විරෝධයක් පල කලා. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීරවී කරුණානායක උපනායක ධූරයට පත් කිරීම සම්භන්ධයෙන් පසුව ජෝශප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැගිට ඉවත්ව ගියා.
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සදහා අද පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව වුනා.
ඊයේ දිනයේ රැස්වූ පක්ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව විසින් පක්ෂයේ නව තනතුරු පිලිබදව ගනු ලැබූ තීරණ අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරුණා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේදී රැස්වුනේ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්
SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Amila Udaraka