News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

වියානා ඇලට පෙරලූණු ජීප් රථයේ රියදුරු සොයා තවදුරටත් මෙහෙයුම්

1192 Views


වියානා ඇලට පෙරලූණු ජීප් රථයේ රියදුරු සොයා තවදුරටත් මෙහෙයුම්

මහියංගනය ප‍්‍රදේශයේ වියානා ඇළට පෙරළී අනතුරට ලක්වු ජීප් රථයේ රියදුරු සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මකයි. පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප‍්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම් සිදු කරනු ලබනවා.

බදුල්ල-මහියංගන ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගත් ජිප් රථයක් අටේ කණුව අසලදී වියානා ඇළට පෙරළීමෙන් අනතුරට ලක්වුනේ අද පෙරවරුවේදීයි. එහිදී අදාල ජීප් රථයේ රියදුරා අතුරුදන්ව තිබෙනවා.

එලෙස අතුරුදන් වී ඇත්තේ හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහක තරුණයෙක්. ඔහු පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු බව ද වාර්තා වනවා. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු අද අළුයම 2 ට පමණ කතරගම යන බව නිවැසියන්ට පවසා ජිප් රථයෙන් පැමිණ ඇති බවටයි. ඔහු මෙතෙක් හමුවී නොමැති අතර, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප‍්‍රදේශවාසීන් තව දුරටත් මෙහෙයුම් සිදු කරන බව ද පොලීසිය පවසයි.

ඇළට පෙරළී ගිය ජීප් රථය මේ වන විට ගොඩට ගෙන ඇති අතර එහි රියදුරු ග මේ වන තෙක් හමුවී නැහැ. එහි තවත් පුද්ගලයන් ගමන් කලේ ද යන්න තහවුරු වී නොමැති බවද පොලීසිය සදහන් කලා.

SIYATHA FM TOP STORY | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post