News Line| Off Air
Generic placeholder image

Apr
26

වෙසක් සතිය අදින් ඇරඹේ.

1277 Views


වෙසක් සතිය අදින් ඇරඹේ.

ලෝකය පුරාම සැදැහැවත් බෞද්ධයින් සමරනා වෙසක් සතිය අදින් ආරම්භ වෙනවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල වගේම බුද්ධ චරිතයේ තවත් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරමින් වෙසක් සතිය සමරනවා.

මේවර රාජ්‍ය වෙසක් උළෙල පවත් වෙන්නේ කුරුණෑගල, බිංගිරිය දේවගිරි රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන. අද ඉඳලා සතියක් පුරාවට රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත් වෙනවා. බුද්ධ වර්ෂ 2562 ක් වූ වෙසක් මංගල්‍ය නිමිති කරගෙන වැඩසටහන් රාශියක් මෙවරත් පවත් වෙනවා.

වෙසක් කලාප, අධ්‍යාත්මික වැඩසටහන්, තොඅරන සහ වෙසක් කූඩු ප්‍රදර්ශන වගේම විවිධ ආගමික වැඩසටහන් රට පුරා සංවිධානය කරලා තියෙනවා. ජුනි 29, 30 සහ මැයි 1, 2 දින හතර පුරාවට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මුලික කරගෙන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවරත් පවත් වෙනවා. බෞද්ධාලෝක වෙසක් කලාපයේ නිල මාධ්‍ය අනුග්‍රහය මෙවර සිදු කරන්නේ සියත මාධ්‍ය ජාලය විසින්.


News Articles
Latest Videos
Most Popular Post