News Line| Off Air
Generic placeholder image

Apr
27

“ගොඩක් අය කැමතියි, ටික දෙනෙක් අකමැතියි” උතුරු කොරියානු නායකයාගේ සංචාරය ගැන සියත 24 දකුණු කොරියාවේ සිට ගෙන එන වාර්තාව… – EXCLUSIVE

873 Views


“ගොඩක් අය කැමතියි, ටික දෙනෙක් අකමැතියි” උතුරු කොරියානු නායකයාගේ සංචාරය ගැන සියත 24 දකුණු කොරියාවේ සිට ගෙන එන වාර්තාව…  – EXCLUSIVE

එක්සත් කොරියාවක බලාපොරත්තු දල්වමින් උතුරු දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාව ඒකාබද්ධ ප‍්‍රකාශණයකින් නිමාවට පත්වුණා.

දෙරටේ දේශ සීමාවේ යුධ විරහිත පං මුං ජොං ප‍්‍රදේශයේදී මෙම ඓතිහාසික සාකච්ඡාව පැවැතුණා.

උතුරු කොරියානු නායක කිං ජොං අං අද දකුණු කොරියානු දේශ සීමාවට පැමිණීමෙන් පසු ජනාධිපති මුං ජේ ඉං විසින් ඔහුව සාදරයෙන් පිළිගත් අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ඉල්ලීමකට අනුව දකුණු කොරියානු ජනාධිපතිවරයාද දේශසීමාව පසු කරමින් උතුරු කොරියාවටද ඇතුලත් විම කාගේත් අවධානය දිනාගත්තා.

පළමුවෙන්ම දෙරටේ නායකයන් හා දුත පිරිස අතර නිල සාකච්ඡා පැවති අතර ඉන් අනතුරුව දෙරටේ නායකයින් පමණක් සහභාගී වූ පෞ්දගලික සාකච්ඡාවක් පැවැත්වුනා.

ඉන් අනතුරුව නායකයින් දෙදෙනා විසින් ඒකාබද්ධ ප‍්‍රකාශනයකට අත්සන් තැබුවා. පසුව අදහස් පළකල දකුණු කොරියානු ජනාධිපති මුං ජේ ඉං කියා සිටියේ න්‍යෂ්ටික අවිහරණය සදයා දෙරටේම නායකයින් එකග වු බවයි.

එමෙන්ම එක්සත් කොරියාවක් බලාපොරත්තු වන බවයි උතුරු කොරියානු නායක කිං ජොං අං අදහස් දක්වමින් සදහන් කලා.

සාකච්ඡාවෙන් අනතුරුව දෙරෙටිම නායකයින්ගේ ආර්යාවන්ගේ හමුවක්ද පැවැත්වුණා. ඉන් අනතුරුව දෙරටේ නායකයින් දෙදෙනා ඔවුන්ගේ ආර්යාවන් සමඟ සහභාගී වන රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ආරම්භ වුනා.

එහිදී අදහස් දැක්වූ උතුරු කොරියානු් නායක කිං ජොන් අං සදහන් කලේ ස්ථාවර සාමයක් වෙනුවෙන් අද මූලාරම්භය ලැබුණු බවයි. එමෙන්ම නව අනාගතයක් වෙනුවෙන් නව මාවතක් විවෘත වූ බවද ඔහු සඳහන් කලා.

කොරියානු නායකයන් දෙදෙනා අතර පැවති මෙම සාකච්ඡාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගන්නවා සියත 24 දකුණු කොරියානු වාර්තාකරු කසුන් ප‍්‍රියංගන.

https://youtu.be/KGP-GwkwQn8


News Articles
Latest Videos
Most Popular Post