හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා වන සිරදඩුවම් නියම කර තිබෙනවා. ඒ ඔහු අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ඉදිරිපත් කල අවස්ථාවේදී.
සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය තෙක් සිරදඩුවම් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළ බවයි.
එලෙස ජීවිතාන්තය තෙක් සිරදඬුවමට ලක් වුනේ ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. අදාල පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 2012 වසරේදී. හෙරොයින් ග‍්‍රෑම් 05යි මිලිග‍්‍රෑම් 700ක් ළඟ තබාගැනීම හේතුවෙන් ගල්කිස්ස ප‍්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනුනා.
SIYATHA FM TOP STORY | 03:00 PM | Editor : Amila Udaraka