News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

නිදහස් පක්ෂයේ 16 දෙනාට අසුන් පනවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට ලිපියක්

775 Views


නිදහස් පක්ෂයේ 16 දෙනාට අසුන් පනවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට ලිපියක්

ආණ්ඩුවෙන් ඉවත් වු නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම සදහා තමන්ට අසුන් පනවන ලෙස ලිඛිතව ඉල්ලා තිබෙනවා. අදාල ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වරයාට භාරදී ඇති බව සදහන්.

ඒ අනුව මැයි 8 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු නව සැසිවාරයේදී එම මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ අසුන් පැනවීමට කටයුතු සිදුකරන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියත ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් එම මන්ත‍්‍රීවරුන් 16 දෙනා තමන් දැරූ අමාත්‍යධූර ඇතුලූ රජයේ තනතුරු වලින් පසුගියදා ඉල්ලා අස්වුණා. ඉන් අනතුරුව නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අවසරය මත ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කලා.

 

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post