දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ අධීවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන සැතපුම් කණුව අසළදීයි. ඇල්පිටිය සිට කතරගම බලා වන්දනා ගමනක යමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්ව තිබුණා. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 17 දෙනෙකු සිට තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් බද්දේගම සහ කරාපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala