News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

6026 Views


සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත් විම හා පරිනිර්වාණය යන තෙමගුල වෙසක් පුන් පොහෝ දිනයේ දි සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන්. කාලය, දිපය, දේශය, කුලය හා මව යන පංච මහා විලෝකනයන් විමසු පසු සිදුහත් කුමරුන් ලූම්බිණි සල් උයනේ දි අද වැනි දිනෙක උපත ලැබුවා. සත් පියුම් මතින් සත් පියවරක් ඇවිද යමින් සිදුහත් කුමරුන් විද්‍යාමාන කලේ තමන් තුන් ලොවටම ලොවට ශ්‍රේෂ්ඨ බවයි. සතර පෙර නිමිති දැකීමෙන් සසර අවබෝධ කර ගනිමින් ගිහි ගෙය හැර ගිය සිදුහත් බෝසතාණන් බුද්ධ ගයාවේ ඇසතු මහා බෝ රුක් සෙවනේ දී භාවනායෝගීව වැඩ සිටියා.

ඒ සියලූ සත්වයින් සසර දුකින් මුදවා ගැනීමේ පාරිශූද්ධ අරමුණ පෙරදැරිවයි. සියලූ කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝද කර ගත් උන්වහන්සේ අද වැනි දිනෙක සම්බුද්ධත්වයට පත් වුණා. බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ විශාලා මහ නුවර මල්ල රජ දරුවන්ගේ අපවත්වන උපවත්වන සල් උයනේ දීයි. සියලූ සංස්කාර ධර්මයන් නැසෙන සුලූ බැවින් අප‍්‍රමාදව කුසල් දහමේ යෙදෙන්නැයි උන්වහන්සේගේ අවසන් බුද්ධ වචනයයි. සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල පිංකම් සංවිධානය කර තිබෙනවා.

ලෝකවාසී බෞද්ධ ජනතාව ඉමහත් බැතියෙන් හා ශ‍්‍රද්ධාවෙන් යුතුව ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන් දෙමින් වෙසක් පොහොය සැමරීමට එක්ව සිටිනවා. ඒ අනුව අද රට පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දාන ශිල භාවනා වැඩසටහන් පැවැත්වුණා.

සියත ටීවී අමාවැස්ස පෝදා සජීවී විකාශය අද පැවැත්වුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි. අනුරාධපුර ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ, මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව, කතරගම කිරිවෙහෙර සහ කැළණිය රජමහා විහාරස්ථානය වැනි ප‍්‍රධාන විහාරස්ථානවල පැවති ආගමික වැඩසටහන්වලට ද සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post