පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150 ට වඩා වැඩි වෙනවනම් ත‍්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවෙන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ රජය ගනු ලබන තීරණයන්ට අනුව තමන් කටයුතු කරන බවයි.
සාමාන්‍ය වෙනස්වීම් සම්බන්ධයෙන් තමන් ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බවත් සහ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150ට වඩා ඉහළ යන අවස්ථාවක තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ඔහු කියා සිටියා.