News Line| Off Air
Generic placeholder image

May
2

ලෙස්ටර්ගේ නිවසේ තිබූ නිධානය හොරු අරන්. අවසන් ගෞරව දක්වන්න ආපු අයෙක්ගේ වැඩක්දැයි පොලිස් පරීක්ෂණ අරඹයි.

1385 Views


ලෙස්ටර්ගේ නිවසේ තිබූ නිධානය හොරු අරන්. අවසන් ගෞරව දක්වන්න ආපු අයෙක්ගේ වැඩක්දැයි පොලිස් පරීක්ෂණ අරඹයි.

හෙළ සිනමාවේ රිදී රේඛාව ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ දේහයේ අවසන් කටයුතු අද සිද්ධ වෙනවා. හැබැයි එතුමා දැන් සමුගෙන යන දවසේ හදකම්පා කරන සිදුවීමක් වාර්තා වුණා.

1565 දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද උදෑසන අතුරුදහන් වෙලා තියෙනවා. එතුමාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අදත් උදෑසන ඉඳන් පැමිණියා. උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබිලා තියෙනවා.

ඒ අතරතුරදි කිසිවකු මෙම සම්මානය සොරාගත්තේ දැයි සැකයක් ඇති වෙලා තියෙනවා. ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ පවුලේ ඥාතීන් මේ ගැන පොලීසියට පැමිණිලි කරලා තියෙනවා.

ඡායාරූප ලංකාදීප පත්තරයෙන්


News Articles
Latest Videos
Most Popular Post