කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් 05 දෙනෙකුගෙන් පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප‍්‍රදේශයේදීයි.
සැකකරු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම මුදල් වංචා සිදුකර තිබුණා. මොහු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යටතේ පත්වීම් ලිපි සකස් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු එක් එක් පුද්ගලයින්ගෙන් රුපියල් 35,000 සිට රුපියල් 50,000 දක්වා මුදල් ලබාගෙන තිබෙනවා.
SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala