නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානමින් පවතිනවා. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යයාලයේදියි.
මේ වනවිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපති කාර්යයාලය වෙත පැමිණ ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
යහපාලන රජයේ නව කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යයාලයේදී සිදුවුණා.
එහිදී අමාත්‍යවරුන් 18 දෙනෙකු දිව්රුම් දෙනු ලැබුවා. සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක වනවා.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එම ධුරයට පත්විමෙන් අනතුරුව සිදු කළ සිව් වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙයයි.
SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala