ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අද සිට ඉහල නංවා තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සදහන් කලේ දේශීය ලොකු ලූණු සහ අර්තාපල් මිල ගණන් පහල බැසීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
ඒ අනුව ආනයනික ලොකු ලූණු 1kg ක් සදහා මෙතෙක් පැවති බද්ධ රුපියල් 40 ක් දක්වා ඉහල නංවා තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සදහන් කලේ ආනයනික අර්තාපල් සදහා මෙතෙක් පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද රුපියල් 40ක් දක්වා ඉහල නංවා ඇති බවයි. අර්තාපල් සදහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මෙතෙක් පැවතියේ රුපියල් 30ක් ලෙසයි.
SIYATHA FM TOP STORY | 03:00 PM | Editor : Amila Udaraka