News Line| Off Air
Generic placeholder image

May
4

ඊළඟ දවස් 7 දී ලංකාවේ කාලගුණයට සිද්ධ වෙන දේ මෙන්න.

1145 Views


ඊළඟ දවස් 7 දී ලංකාවේ කාලගුණයට සිද්ධ වෙන දේ මෙන්න.

මේ දවස්වල කාලගුණය කොයි වෙලේ වෙනස් වෙයිද කියන්න බෑ. උදේට ඉහෙන් කනෙන් දාඩිය බේරෙනවා. හවස් වෙද්දී ගලන්න වහිනවා. කොහොම වුනත් ඉදිරි දවස් 7 දී නම් ලංකාව වටේටම තද වැසි ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

අදඩ් දවසේදීත් හවස 2.00 ඉඳලා ගිගුරුම් සහිත තද වැසි ඇති වෙන්න පුළුවන්. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 100 ට වැඩි තඳ වැසි අපේක්ෂා කරනවා කියලා කාලගුණයෙන් අනතුරු අඟවනවා.

බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වලට උදැසන කාලයේ වැසි ඇති වෙනවා. ඒ වගේම සබරගමුව සහ මධ්‍යම පළාතේ සමහර ස්ථාන වලට උදැසනට මිදුම් තත්වයක් ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇති වෙන අවස්ථාවේදී සුළගේ වේගය තාවකාලිකව ඉහළ යන්නත් පුළුවන්.

පුත්තලමේ ඉඳලා මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 – 50 ත් දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ නිසා එම මුහුදු ප්‍රදේශ වල ධිවර කටයුතු කරද්දී අවදානයෙන් සිටිය යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post