වැඩ වර්ජන, අකුරට වැඩ ලංකාවට අලුත් දේවල් නෙවෙයි. හැබැයි අද සහ හෙට සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ. ඒ අත්‍යවශ්‍යම සේවා දෙකක් වැඩ වර්ජනයක් සහ අකුරට වැඩ කරන්න සූදානම් වෙනවා.
විදුලි ඉංජිනේරුවන් අද අකුරට වැඩ කරන්න තීරණය කරලා තියෙනවා. ජාතික විදුලි බල පද්ධතියේ වෙන්න පුළුවන් අර්බුද වලට ඉදිරිපත් කරපු සැලසුම් ක්‍රියාත්මක කරන්න බලධාරීන් අපොහොසත් වීම තමයි මේකට හේතුව.
ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් වැඩවර්ජනයක නිරත වෙන්න දුම්රිය එන්ජින් රියදුරු සංගමය තීරණය කරලා තියෙනවා. වැටුප් විෂමතා නිවැරදි කිරීමට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබීම තමයි මේ වැඩ වර්ජනයට හේතුව.